ඔබගේ දරුවාගේ TSH පරීක්ෂණයේ ප්‍රථිපල

Search Data
"BHT"මෙය ඔබ රෝහලෙන් පිටවන විට ලබා දුන් කාඩ් පතෙහි සඳහන් අංකයවේ.

Login

User Login
User Name
Password
Registration for reserchers

ආජන්ම මන්ද තයිරොයිඩතාවය

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය උපතින්ම අහිමි වී තයිරොක්සීන් හෝමෝනය ශරීරයේ නොමැතිවීමේ රෝගී තත්වයයි. මෙය ගලගණ්ඩය ලෙසද හඳුන්වනු ලැබේ.

ආජන්ම මන්ද තයිරොයිඩතාවය සදහා වන නවජ ළදරු පරීක්ෂණය

ලෝකයේ බොහෝ රටවල නවජ ළදරු පහසුකම් සැලසීම තුල අනිවාර්යෙන් ක්‍රියත්මකවන පරීක්ෂණයකි. දැනට ලොවපුරා ඇති දත්ත වලට අනුව සෑම දරු උපත් තුන් දසකටම එක් දරුවකු මෙම රෝගී තත්වයෙන් පෙලෙයි. අයඩින් ඌනතාවයෙන් පෙලෙන අප වැනි රටවල මෙම තත්වය දරු උපත් දෙදහසකට එක් දරුවකු වශයෙන් ගණනය කර ඇත. මෙහි ඇති භයානක ප්‍රථිඵලය වනුයේ මෙම රෝගයෙන් පෙලෙන දරුවන් සිය ජීවිත කාලය පුරාම මන්ද මානසික සහ අවම ශාරීරික වර්ධන වේගයක් පෙන්වීමයි.

එසේ නමුදු ළදරුවා ඉපදී මුල් මස තුල රෝගය හදුනාගෙන අදාල ප්‍රථිකාරය වන තයිරොක්සීන් හෝමෝනය ලබාදිය හැකිවීම වෛද්‍ය විද්‍යාවේ ආශ්චර්යයකි. මේ සඳහා සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන්හි අවධානය යොමුවීම අත්‍යවශ්‍ය කරුණකි. ලංකාවේ මේ සදහා මෙතෙක් පැවති සියලු පරීක්ෂණ න්‍යෂ්ඨික වෛද්‍ය ඒකක හා බැඳී පවතී. එහි දකුණු පලාතේ මූලික පරීක්ෂණ කටයුතු මහමෝදර ශික්ෂණ රෝහලේදී 2006 වසරේදී ආරම්භ වු අතර අදාල ප්‍රථිඵල ශ්‍රි ලංකා වෛද්‍ය සඟරාවේ 2009 මාර්තු කලාපයේ සහ ගාලු වෛද්‍ය සඟරාවේ 2009 වෙඵමේ ප්‍රකාශයට පත්කර ඇත.

මෙම පර්යේෂණ කටයුතු වලදී ශ්‍රි ලංකා පෙර සූතික සංගමය(Perinatal Society–SriLanka) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍යය කාර්ය්‍යාංශය සහ ශ්‍රි ලංකා ජාතික පර්යේෂණ සභාව (NRC) වැදගත් ජාතික මෙහෙවරක් ඉටුකරන ලදි. ජාතික පර්යේෂණ සභාව රුහුණු වෛද්‍ය පීඨයට පර්යේෂණ ආධාර ලබාදුන් ප්‍රථම අවස්ථාවද මෙය වු අතර NRC 08-08 යටතේ මිලියන 5.0 සහ NRC 11-160 යටතේ මිලියන 3.2 ලබා දුනි. එමගින් මෙම පර්යේණ කටයුතු සදහා උපකරණ මිලදී ගැනිම සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයයීම් අංශය සමග ඇති ගිවිසුම් ප්‍රකාර අවශ්‍ය රසායනික ද්‍රව්‍යය සැපයයීම් සහිතව 2010 අගෝස්තු 10 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා විසින් අත්සන්කල චක්‍රලේඛණය සමඟ ආජන්ම මන්ද තයිරොයිඩතාවය සඳහා වන නවජ ළදරු පරීක්ෂණය දකුණු පළාතේ නීතිගත විය. මෙහි සමාරම්භක උත්සවය 2010 සැප්තැම්බර් 21 දින ගරු සෞඛ්‍ය අමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණගාරයේ දී පැවැත් වින. සමස්ත ශ්‍රි ලාංකීය ජාතියේ අනාගතය වෙනුවෙන් සිදු කරන ලද පර්යේෂණයන්හි ප්‍රථිඵල ඔබ අපි සැවොම අද මෙලෙස භුක්ති විඳිමු.

...තව දුරටත්