ආජන්ම මන්ද තයිරොයිඩතාවය සඳහා ඇති ප්‍රතිකර්ම මොනවාද ?


    මේ සඳහා ඇති ප්‍රධානතම ප්‍රතිකාරය වනුයේ බාහිරින් නිපදවු තයිරොයිඩ් හෝමෝන ලබා දීමයි.එය පහසු මෙන්ම ඉතා ආරක්ෂාකාරී ප්‍රතිකාර ක්‍රමයකි.මෙම රෝගය හඳුනාගත් විගසම ප්‍රතිකාර පටන් ගතහොත් ඔබගේ දරුවාට බොහොමයක් රෝගී ලක්ෂණ ඇතිවීම වලක්වා ගත හැක.ප්‍රතිකාර පමාවී මොලයේ සෛලවලට හා ස්නායු සෛලවලට හානි සිදුවුවහොත් නැවත යථා තත්වයට පත්කල නොහැක.

    1. තයිරොක්සීන් ප්‍රතිකාරය

      මෙය කෘතිමව නිපදවු තයිරොයිඩ් හෝමෝනයකි. එය පෙති වශයෙන් ආජන්ම මන්ද තයිරොයිඩතාවයෙන් පෙලෙන සියලුම ළමුන්ට ලබා දෙයි.එහි මාත්‍රාව තීරණය කලයුත්තේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු විසිනි. දරුවාගේ වර්ධනයත් සමග ලබාගතයුතු තයිරොක්සීන් ප්‍රමාණයද ඉහලයන අතර එය ජීවිත කාලය පුරාවටම ලබාගතයුතු වෙයි.

      තයිරොක්සීන් පෙති ප්‍රමාණයෙන් කුඩාවන අතර එය කුඩුකර දියර වර්ගයක් සමග මිශ්‍රකර ඔබගේ දරුවාට ලබා දිය හැක.දරුවාට එකවර දියර වැඩි ප්‍රමාණයක් පානය කල නොහැකි නිසා එකවර වැඩි දියර ප්‍රමාණයක් සමග තයිරොක්සීන් පෙති දිය කිරීමෙන් වැලකිය යුතුය.වැඩිහිටි ළමුන්ට මෙම පෙති පහසුවෙන් සපා කෑ හැකි අයුරින් සකසා ඇත.

      දරුවාගේ නියමිත මාත්‍රාව නොඉක්මවා තයිරොක්සීන් පෙති ලබාදීමට වගබලා ගත යුතුය.වැඩිපුර තයිරොක්සීන් පෙති ගැනීමෙන් දරුවාට විවිධ අතුරු අබාධ ඇතිවිය හැක.

      හෘද ස්පන්දනය වැඩි විම
      බඩ බුරුලෙන් යාම
      නින්ද නොයාම ඒවායින් කිහිපයකි.

    2. සිරුරේ තයිරොක්සීන් ප්‍රමාණය මැන බැලීම.

      තයිරොක්සීන් හෝමෝනය පිටතින් ලබා ගන්නා දරුවන්ගේ රුධිරයේ තයිරොක්සීන් ප්‍රමාණය නිරන්තරයෙන් මැන බැලිය යුතුය. දරුවන්ට වසරක් සපිරෙන තෙක් සෑම මසකට-තෙමසකට සැරයක්වත් රුධිර පරික්ෂාව කල යුතුය. වයස අවු 3න් පසුව රුධිර පරික්ෂාව සදහාවෛද්‍ය උපදෙස් ගන්න.


    3. දරුවාගේ වර්ධනය මැන බැලීම

      මෙය දරුවාගේ වෛද්‍යවරයා විසින් නිරතුරුව සිදුකල යුතුය.දරුවාගේ කථනයෙහි හා ඉගෙනීමේ දුර්වලතා මතුවුවහොත් ඒ සදහා විශේෂිත පුහුණු ආයතන වෙත දරුවා යොමු කල යුතුය.